Connect with us

Local

මාධ්‍ය වාරණයට පනත් හදන රටේ, ලෝක ‘සුදු සැරයටි’ දිනය නම්කර වසර 53ක් ගතවෙලත් ‘සුදු සැරයටිය’ නීතිගත කරන්න මෙරට පනතක් නෑ…

Published

on

මාධ්‍ය වාරණයට පනත් හදන රටේ, වසර 53ක් ගතවෙලත් ‘සුදු සැරයටිය’ නීතිගත කරන්න පනතක් නෑ.
____________________________________

1969 වසරේදී ‘ලෝක සුදු සැරයටි දිනය’ ලෙස ‘ඔක්තෝම්බර් 15’ වනදා ප්‍රකාශය පත් කර වසර 53ක් ගතවී ඇතත් තවමත් ශ්‍රී ලංකාව තුළ සුදු සැරයටිය නීතිගත කර නොමැති බවට මෙරට දෘශ්‍යාබාධිත ජනතාව චෝදනා කර සිටි.

අදට (ඔක්තෝම්බර් 15) යෙදී ඇති ‘ලෝක සුදු සැරයටි දිනය’ මූලික කර ගනිමින් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය එක්ව සංවිධානය කර තිබූ සුදු සැරයටිය නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලා ජනතා අත්සන් ලබාගැනීමේ වැඩසටහනකට එක්වෙමින් මෙරට දෘශ්‍යාබාධිත ප්‍රජාව යළිත් වතාවක් මෙම ඉල්ලීම සිදුකරන ලදී.

එහිදී මෙම වැඩසටහන සංවිධානය කළ එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා මෙසේ අදහස් දක්වන ලදී.

“ලංකාවේ දෘශ්‍යාබාධිත ජනතාව පාවිච්චි කරන සුදු සැරයටිය අද වෙනකොට නීතිගත කරලා නෑ. මේක නීතිගත කරොත්  සුදු සැරයටියට ප්‍රමිතියක් එන්න පුළුවන්. ඒත් එක්කම මෙය නීතිගත කිරීම හරහා අනාගතයේ පාරේ යන දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ලැබෙන රැකවරණය, රක්ෂණය හොඳ මට්ටමකට ගේන්න පුළුවන්. ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරන්න, ඔවුන්ට ආරක්ෂිතව මේ සමාජයේ ජීවත් වෙන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඉතින් අපි අද උත්සාහ කරන්නේ ඒ බලපෑම සමාජයටත්, දේශපාලන අධිකාරියටත්, සමස්ත රටටමත් කරන්න. ඒ වෙනුවෙන් අපි අත්සන් ලබා ගැනීමක් සාමාන්‍ය ජනතාවගෙන් සිදු කරනවා. අපි උත්සාහ කරන්නේ මේ ප්‍රජාවත් අපි වගේම රටේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන එක. දෘශ්‍යාබාධිත කියලා කියන්නේ උපතින්ම නෙමෙයි. මේ කතා කරන අපිත් දෘශ්‍යාබාධිත වෙන්න පුළුවන්. ඉතින් මේ දෘශ්‍යාබාධිත කියන තත්ත්වය කාට උනත් උදාවෙන්න පුළුවන්. අපි සියලු දෙනාගේ වගකීමක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින එක.”

එමෙන්ම මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සම්බන්ධ වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපතිතුමිය වන නිල්මිණි සමරවීර මහත්මියත්, ජ්‍යෙෂ්ඨ උප සභාපති වන චමීර පුබුදු කුමාර මහතාත්, භාණ්ඩාගාරිකතුමා වන ප්‍රියන්ත මල්ලවආරච්චි මහතාත් දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් අදහස් දක්වමින් පවසා සිටියේ දෘශ්‍යාබාධිත ප්‍රජාවට ගමන් කිරීම සඳහා උපකාරීවන ආරක්ෂිතම උපකරණය සුදු සැරයටිය බවත් එය නීතිගත කිරීම තුළින් නිසි ප්‍රමිතියෙන් යුතු සුදු සැරයටි භාවිතයට ගැනීමට හැකියාව ලැබෙන බවත් එමගින් තම ආරක්ෂාව සහතික කරගත හැකි බවත්ය.

“ලෝකයේ බහුතරයක් රටවල් මේ වෙනකොට සුදු සැරයටිය නීතිගත කරලා තියෙනවා. අපේ රටේ අවුරුදු 53ක් වෙලත් සුදු සැරය නීතිගත වෙලා නැහැ. සුදු සැරයටිය අරගෙන යන පුද්ගලයෙකු කිසිඳු ආරක්ෂාවක්, කිසිඳු රැකවරණයක්, නැති රටක තමයි ඉන්නේ. මේ රටේ මාධ්‍යට වාරණ දාන්න ඒ වගේ ගොඩාක් පනත් ගෙනල්ලා ටක් ගාලා සම්මත කරගන්න පුළුවන් තත්වයක් තියෙනවා. හැබැයි අපේ මේ සුදු සැරයටි සම්මත කරලා අපිට ලබා දෙන්න කටයුතු කරන්න මේ රටේ පාලකයොන්ට නොහැකි වෙලා තියෙනවා. මේ රටේ දෘශ්‍යාබාධිත සහ ආබාධිත ප්‍රජාව දැඩි සේ ප්‍රශ්න ගොඩක ඉන්න මොහොතක් මේක. කොරෝනා ආවා, ආර්ථික ප්‍රශ්න ආවා, ඒවා ආබාධිත ප්‍රජාවට දැඩි සේ බලපෑවා. ඒ කිසිඳු දෙයකට මේ රටේ පාලකයෝ ඇහුම්කන් දුන්නේ නැහැ. සංවේදී වුණේ නැහැ. ඒ නිසා අපි අද මේ පාරට බැස්සේ ලබන වසරේ ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරන්නේ සුදු සැරයටිය නීතිගත කරලා කියන අරමුණෙන්. ඒකට ලක්ෂ හතරහමාරක් වන දෘශ්‍යාබාධිත ප්‍රජාව මේ රටේ සියලුම ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටිනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ත්‍රිරෝද රථයකින් පෙම්වතිය පැමිණ පෙම්වතා පැහැරගෙන යයි…

Published

on

By

ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේ ල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ත්‍රීරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මොහුට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයාගෙන ඇත.

මෙම තරුණයා පොලිසිය මගින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ මෙහෙය වීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

– කළුතර සුනිල් එස් තන්ත‍්‍රිආරච්චි

Continue Reading

Local

මම ජනපති වුනාම මුදල් ඇමති හර්ෂ..

Published

on

By

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

Continue Reading

Local

පාර්ලිමේන්තුව විසුරුවීම ස්ථිරයි.. ජනාධිපති එකග වුනා..

Published

on

By

ජුනි මාස 14 වැනි දින හෝ 15 මධ්‍යම රාත‍්‍රියට පෙර පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම විසුරුවා හරින බව රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා එකඟතාවයට පැමිණ අවසන් බවත් ස්ථිර වශයෙන්ම ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම තරඟ නොවදින බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © www.pattare.lk